රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන්ගෙන් බැහැරව, තායිවාන ජනාධිපතිවරයා සමඟ කතා කරන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දශක ගණනාවක් පැවති රජය තාන්ත්‍රික සම්මතයන්ගෙන් බැහැරව තායිවාන ජනාධිපති ලයි චිං-ටේ සමඟ කතා කරන බව එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

1979 දී වොෂින්ටනය තායිපේ සිට බීජිං වෙත රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම මාරු කළ දා සිට එක්සත් ජනපද සහ තායිවාන ජනාධිපතිවරුන් සෘජුව කතා කර නොමැත.

අද(21) උදෑසන ට්‍රම්ප්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් තායිවානයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ තායිවාන ජනාධිපති ලායි එක්සත් ජනපද නායකයා සමඟ කතා කිරීමට සතුටු වන බවයි.

ඕනෑම සෘජු ඇමරිකානු-තායිවාන සංවාදයක් සාමාන්‍යයෙන් චීනය කෝපයට පත් කරනු ඇති අතර ඔවුන් දූපත තමන්ගේම භූමියක් ලෙස සලකයි. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන දිවයිනේ පාලනය අත්පත් කර ගැනීම සඳහා බලය යෙදවීම බීජිනය කිසි විටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති අතර පසුගියදා ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයේදී ජනාධිපති ෂි ජින්පින් ප්‍රසිද්ධියේම තායිවානයට අත තැබීම යුද්ධයක් දක්වා ඉදිරියට යා හැකි බවට අනතුරු ඇඟවිය.

කෙසේ නමුත්, එක්සත් ජනපදයේ සිව්වන විශාලතම වෙළඳ හවුල්කරුවාවන තායිවානය ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ආයුධ ගැනුම්කරුවකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...