සටහන – රුවන් නෙළුගොල්ල
විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් ඊයේ (21) රාත්රියේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වී තිබේ.
රුපියල වේගයෙන් අවප්රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවා තිබිණි.
ඒ අනුව, මෙම ගැටලු තවදුරටත් උග්ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටීම විපක්ෂයේ ප්රධානීන් මෙහිදී තීරණය කර ඇත.


