ආණ්ඩුව මේ දවස්වල දුවන්නේ සෑහෙන අමාරුවෙන් කියන එක රහසක් නෙවෙයි නේ. ඒත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගැන විශේෂයෙන්ම උනන්දු ආණ්ඩුවක් හැටියට මේ වගේ වෙලාවක දුවගෙන ඇවිත් වැඩේ ගොඩදාන්න හිතාගෙන මාධ්‍ය ප්‍රකාශ දෙන්න ඕනෙ සෙට් එකේ බොහෝ දෙනෙක් පේන්නවත් නැහැ නේද ? මේ කතාව ඔය සංසිද්ධියට හේතුව ගැන.
පසුගිය දවසක ඔය නිතර දෙවේලේ මාධ්‍යට ප්‍රකාශ දුන්නු, එහෙම දීලා හිටිගමන් හත්පොළේත් ගාගත්තු මැති ඇමතිලා සෙට් එකක් පැලවත්ත මූලස්ථානයට රැස්වුණා ලු. මේ අමාරු මොහොතේ කරන්න ඕනෙ මොකද කියලා ඒගොල්ලෝ කතාවුණා ලු.
“මෙච්චර අමාරු නැති වෙලාවල්වල වුණත් අපි කතා කරන්න ගිහින් කෙළවාගත්තා නෙ, ඒ නිසා මේ වෙලාවෙ අපි මාධ්‍යට කතා නොකරම ඉමු” කියලා ඒගොල්ලො එකඟතාවකට ආවා ලු. ඒ වගේම “කතා නොකරම බැරි උත්සව වගේ ඒවාවලදී වුණත් ඉතාම කෙටියෙන් ඕනෙම දේ විතරක් කියලා ටක්ගාලා මාරුවෙමු” කියලාත් එකඟ වුණා ලු.
මේක කියවාගෙන යනකොටම ඕගොල්ලොන්ට මතක් වෙනවා ඇතිනේ පහුගිය ටිකේම කොච්චරවත් මීඩියාවල මූණු පෙන්නන් ඉඳලා එකපාරටම අතුරුදන් වුණු මන්ත්‍රීලා, මන්ත්‍රීනියෝ, ඇමතිවරු කීපදෙනෙක් ගැන … ඒගොල්ලො එහෙම මීඩියා මගහැරලා ඉන්න රහස මේකයි ….


