මෙතෙක් වාර්තා වූ ඉහලම උෂ්ණත්වය ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රංශය සහ එක්සත් රාජධානිය මැයි මාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා කර තිබේ.

ඒ අනුව, ලන්ඩනයේ කියෙව් උද්‍යානයේන් සෙල්සියස් අංශක 34.8 ක උෂ්ණත්වයක් හා ප්‍රංශයෙන් හොසෙගෝර් අසල සෙල්සියස් අංශක 37.1 වාර්තා වී ඇත.

ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල තවත් නව ඉහළ අගයන් ඇති වීමට ඉඩ ඇති බව එ රටවල ජාතික කාලගුණ විද්‍යා ඒජන්සි විසින් අනතුරු අඟවා ඇති අතර සතිය අවසන් වන විට ස්පාඤ්ඤයේ සමහර ප්‍රදේශවල රසදිය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව තිබේ.

ප්‍රංශයේ මෙට්‍රොපොලිටන් පරිපාලන දෙපාර්තමේන්තු විසින් ප්‍රදේශ 31ක් එළඹෙන අඟහරුවාදා වන තෙක් සෙල්සියස් 36-37 සිට ඉහළ උෂ්ණත්ව ළඟා විය හැකි බවට අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇති අතර 2004 දී හඳුන්වා දුන් දා සිට මැයි මාසයේදී රටේ ජාතික තාප අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා නායකතවය සමානාත්මතාවට එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් – හරිනි අමරසූරිය

කොළඹ LNW:කාන්තා නායකත්වය,තවදුරටත් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක්...

කිෂ් නඩුවෙන් නාමල්ට ඇප!

රෂිකා හෙන්නායක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්...

මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනා යොෂිත ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: රුපියල් මිලියන 59කට අධික,...

කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...