සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) :
බාධක මැඩ මා දකින්න
අනේ මගේ රෝස මලේ
සැඩ සුළඟේ පාවි පාවි
එනවද මගෙ නිවහන වෙත
ගත වැහැරී වත මැකිලී
පියඹා ගත නොහැකියි මට
හීනෙන් නොව හැබෑවටම
නුඹ පෙම් කළ කුමරා මම
අහිමි වුවත් සැප සම්පත්
නොලැබ ගියත් අධිපති කම්
සුවඳ සොයමි සැබෑවටම
මැරෙනා තුරු මේ සසරේ
රෝස මලක සුවඳ දැනුනි
සියුමැලි පෙති දෑත ගැටුනි
ලැබුණු සුවයෙ නිමක් නොවුනි
නිවන කුමක්දැයි වැටහුනි

