රාජ්‍ය වෙසක් සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

කොළඹ LNW:ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර වෙසක් සැමරුම් සංවිධානය කරන පිරිස් වෙතින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉල්ලා සිටින්නේ එකී සැමරුම් සඳහා වන මඟපෙන්වීම් ඇතුළත් චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...