කුකුළු මස් මිල යළිත් ඉහළ දාන්න වෙනවා. බිත්තර පාලන මිලත් අයින් කරන්න වෙයි – ව්‍යාපාරිකයින්

ජල ගාස්තු, විදුලි බිල් සහ බදු ඉහළ යාම මත නුදුරේදීම නැවතත් කුකුළු මස් මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

“මේ මාසයේ සිට ජල බිල්පත්, විදුලි බිල්පත් වැඩිකරමින් පවතිනවා. කුකුළු කර්මාන්තයට ජලය සහ විදුලිය විශාල වශයෙන් වැයවෙනවා. මේ එන වැඩිවීම් එක්කලා වැට් බද්දත් වැඩිවෙලා තියෙනවා 12% ඉඳලා 15% දක්වා. නව ආරක්ෂක බද්දක් ගහලා තියෙනවා 2.5%ක. ඒක අවසාන නිෂ්පාදනයට 7.5%ක විතර වැඩිවීමක් වෙන්න පුළුවන්. සියලුම තත්වයන් එක්ක ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය වැඩිවීම අනුව කුකුළු මස් මිල වැඩිවීමට හැකියාවක් තියෙනවා. අපි ඇමතිතුමාත් එක්කලා සඳුදා මේ පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂයෙන් බිත්තර පාලන මිල කොහොමද ඉවත් කරගන්නේ කියලා. මේ බිත්තර පාලන මිල දාලා මේ වනවිට 50%ක් විතර නිෂ්පාදකයින් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා තියෙනවා. බිත්තර දමන සතුන් පවා ඔවුන් මස්වලට වෙළඳපොලට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව සඳුදා කෘෂිකර්ම ඇමතිතුමා අපට සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා, අපි එහිදී අමාත්‍යාංශය දැනුවත් කරනවා” යනුවෙනුයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් රජය මැදිහත් වී සහන ලබාදෙන්නේ නම් කුකුළු මස් සහ බිත්තර මිල අඩුකිරීමට ද හැකිවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...