ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
එම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) අවසන් කර ඇත.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබේ.
රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර
2012 වසරේදී කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර 4.3ක භූමි භාගයක් Krrish Tranceworks Square ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමකට බදු දීමේදී ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමේ අධ්යක්ෂවරයෙකුගෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂ වෙත චෝදනා එල්ල වී තිබුණි.


