වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 01.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...