අන්තර්ජාලයේ හරහා පුද්ගලයන් 1209කට වස යැවු වෙළෙන්දෙකු හමුවේ

සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
සියදිවි නසාගැනීම් සඳහා ආධාර කිරීම සඳහා විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා පුද්ගලයන් 1209 දෙනෙකුට අළෙවි කළ පුද්ගලයකු කැනඩාවෙන් වාර්තා වේ.

60 හැවිරිදි කෙනත් ලෝ ටොරොන්ටෝහි හෝටලයක කලක් ඉංජිනේරුවෙකු සහ කෝකියෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති අතර, ඔහු ඊයේ(29)දිනයේදී ඔන්ටාරියෝ අධිකරණයකදී චෝදනා 14කට වරද පිළිගෙන ඇත.

ඔහු ලොව පුරා අවදානම් සහිත පුද්ගලයින්ට මාරාන්තික රසායනික ද්‍රව්‍ය අලෙවි කළ වෙබ් අඩවි මාලාවක් පවත්වාගෙන යමින් මාරාන්තික රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් සමඟ අන්තර්ජාලය හරහා සියදිවි නසා ගැනීමට උපදේශනය ද ලබා දී ඇත.

චෝදනාවන්ගෙන් බහුතරයක් කැනේඩියානු වින්දිතයින්ට අදාළ වන අතර එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල් 40කට විෂ ද්‍රව්‍ය පැකේජ මෙලෙස අළෙවි කර ඇත.

කැනඩාවේ අපරාධ නීති සංග්‍රහය යටතේ සියදිවි නසා ගැනීමට ආධාර කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහතට!

කොළඹ LNW:ගල්ෆ් කලාපයේ යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත්...

ඔබේ නුවන් පහණින් යලි එළිය ලැබේවා…… අමරණීය අමරදේව මතකාවර්ජන!

සටහන : සශිකලා මධුෂාණී හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගෙන දස...

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...