දිනන්නේ අපිද පාතාලයද ? ලඟදිම බලා ගනිමු – අජිත් රෝහණ

Date:

දකුණු පළාත තුළ පසුගිය මාස කිහිපය තුළ සිදු වූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ.

අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ 156 වැනි පොලිස් දිනයට සමගාමීව ඊයේ (10) පැවති දකුණු පළාත් ප්‍රධාන උත්සවයට සහභාගිවෙමිනි.

පසුගිය ජුනි පළමුවැනිදා සිට මේ දක්වා දකුණු පළාත තුළ වෙඩිතැබීම් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත්ව ඇති බවත්, එම සිදුවීම්වලින් 04 කට අදාලව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා.

ඉතිරි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරන අජිත් රෝහණ මහතා, අපරාධ සිදුකර නීතියෙන් ගැලවී සිටීමට හැකි යැයි සිතන්නේ නම් පොලීසිය ඊට කිසිදා ඉඩ නොතබන බවද අවධාරණය කරනවා. තවත් සති 06 ක් ගතවන විට දිනන්නේ අපරාධකරුවන්ද පොලීසියද යන්න බලාගත හැකි බවද අජිත් රෝහණ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...