අරගල මර්දනය කළ හැටි ලෝකෙටම කියන්න සජබ කණ්ඩායමක් ජිනීවා ගිහින්

0
523

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන මහතා, මුජිබර් රහුමාන් මහතා ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් සමග එරන්ද වැලිඅංගේ මහතාද එහි ගොස් සිටිනවා.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා මෙම කණ්ඩායම ජිනීවා වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු ගෝඨා ගෝ ගම අරගලයේ සිටි කණ්ඩායමක්ද ජිනීවා වෙත ගොස් සිටී.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හෙට (12) නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය.

UN