ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ග්රීන් චැනල් ප්රදේශයේදී පසුගිය 29 සහ 30 යන දෙදින තුළ විදේශිකයින් 16 ක් සහ ශ්රීලාංකිකයින් දෙදෙනෙක් සතුව තිබී විදේශීය දුම්වැටි පැකට් 1046ක් (සිගරට් 209,200) ක් ශ්රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.
එම ගුවන් මගීන් සතු ගමන් මළු 27ක් පරීක්ෂා කිරීමේදී එම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.
එම භාණ්ඩ තොගයේ වටිනාකම රු. මිලියන 31.38ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර ශ්රී ලංකා රේගුවේ ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය සහ රෙගු මත්ද්රව්ය පාලන ඒකකය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ දුම්වැටි තොගය රාජ සන්තක කිරීමටද නියෝග දී ඇත.


