ජනතාව රවටා බලයට පැමිණි ජාතික ජන බලවේගයේ නායකයින් මේ වනවිට ජනතාව පීඩාවට පත්කරමින් මහා පරිමාණයේ සුඛෝපභෝගී ජීවිත ගතකරමින් සිටින බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.
“ශ්‍රී ලංකා මාතෘ භූමිය විශාල අනතුරකට යමින් තියෙනවා. ඡන්දය දීලා පත්කරගත්ත සියලු දෙනාම මේ අහිංසක, දුප්පත් ජනතාවට වගකියන්න ඕනෙ. මොකද දැන් ජනතාව හාමතෙන් ඉන්නෙ. මේ වෙනකොට ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල නැවතත් වැඩිකරලා. සූර සරදියෙල් චිත්පටිය බලන්න කට්ටිය ලෑස්ති වුණා, ඒත් අන්තිමට බලන්න වුණේ රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපටියයි. දැන් සූර සරදියෙල්ගෙ කතාවක් නෑ, ජනතාව බලයට පත්කරගත්ත මේ රජය නියමෙටම ජනතාවට දෙනවා. දැන් තෙල් මිල වාර කිහිපයකින්ම වැඩිකළා. ජනතාව කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ ? ජාතික ජන බලවේගය බලයට පත්වෙච්චි දවසේ ඉඳලාම කිසිම දුප්පත් මිනිහෙකුට, දුප්පත් ගම්මානවල ජීවත්වෙන අහිංසක ජනතාවට කිසිම සහනයක් නෑ. දැන් ඩීසල් පෙට්‍රල් භූමිතෙල් නැවත වතාවක් මෙහෙම වැඩිවෙනකොට ධීවර කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටෙනවා. සාමාන්‍ය ජනතාව තේ කහට කෝප්පයක් බොන්නෙ කොහොමද, රොටියක් කන්නෙ කොහොමද, බත් ටිකක් කන්නෙ කොහොමද, මේ ආදී ප්‍රශ්න ගොඩාරියක් මතුවෙනවා. මහා පරිමාණයේ සුඛෝපභෝගී ජීවිත ගතකරන වත්මන් රජය ‘තොපි මොනවා කෑවත් අපිට වැඩක් නෑ, අපිට බලය ලැබුණා, ඒ බලය පාවිච්චි කරලා අපි තොපිව හිරකරනවා’ කියන තැනින් වැඩකරනවා. ඒ නිසා මතක තියාගන්න වත්මන් රජයේ නායක කාරකාදීනි, මේ රට කාලා විනාශ කරන්න යන්න එපා”
බත්තරමුල්ලේ සීලරතන හිමියන් මේ බව පැවසුවේ ඊයේ (31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


