රනිල්ට මතක නෑ ගෝඨාභයට ගෙදර යන්න උනේ කොහොමද කියලා – විපක්ෂ නායක

Date:

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණේ රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් බව සත්‍ය වුවත් හිටපු ජනාධිපතිවරයාත් හිටපු අගමැතිවරයාත් ගෙදර යැව්වෙ මේ රටේ පුරවැසි අරගලය විසින් බව වත්මන් ජනාධිපතිවරයාට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහුට ඒ බව මතක තිබුණා නම් මේ තරම් බරපතළ ලෙස මර්දනය ක්‍රියාත්මක නොකරනු ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ. දුර්දාන්ත ආණ්ඩුව වෙනස් කරන්න මැදිහත් වීමේ චෝදනාව මත පසුගිය මැයි 09 වැනිදායින් පසු 3500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරන් තිබෙන බවත් 1200 කට වැඩි පිරිසක් රිමාන්ඩ් කොට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව සමස්ත රටේම ජනතාව මරණ මංචකය වෙත දක්කවමින් සිටින බව කී විපක්ෂ නායකයා ටයිටැනික් නැව වගේ රට ගිලෙමින් තිබියදී ආණ්ඩුව ඒ ඛේදවාචකය ඉදිරියේ පවා සිහිවිකලෙන් මෙන් සැණකෙළි පවත්වන බවද ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...