ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට !

Date:

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්ථාන පිලේ නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළේය. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබාගත් අතර වනිඳු හසරංග ලකුණු 36කුත් ධනංජය සිල්වා ලකුණු 28කුත් ලගාත්තේය.

ඉන් අනතුරුව ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්ථානයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුළු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුළු 3ක් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 23කින් අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියකදී ශ්‍රී ලංකා පිළ මීට පෙර අවසන් වරට ශූරතාවය හිමිකර ගත්තේ 2014 වසරේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...