*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

කඩා වැටෙන රටක අභිමානය රැකගත් අපේ කොල්ලෝ කෙල්ලෝ!

සැප්තැම්බර් 11, 2022: ශ්‍රී ලංකාව ඊයේ දවස නිමා කළේ ලෝකයේම අවධානය මේ මොහොතේ ලැබෙමින් තිබෙන තත්ත්වයට වඩා වෙනස් ආකාරයකින්ය. සෘන ආර්ථික වේගයක් තියෙන,උද්ධමනය 66% ඉක්මවා තිබෙන රටක් ගැන,මුහුදෙ තියෙන නැව්වලට පාරේ පෝලිමේ ඉන්න රටක ඉච්ඡාභංගත්වයට පත් මිනිස්සු වෙනුවෙන් සතුටු වෙන්න කිසිවක් නොලැබෙන මොහොතක ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ජයගහණ තුනක් අත් කර ගත්තා.දෙකක් ආසියානු සූරතා වීම විශේෂයි. අනිත් ජයග්‍රහණය ආවෙ මේ රට සතුටු කරන්න අනන්තවත් ජයග්‍රහණ ගෙනාපු ක්‍රීඩකයො නියෝජනය කරපු ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම.ඒ ජයග්‍රහණයත් විශාල ජයක් වෙන්නේ ලබපු ආකාරයටයි.ආරම්භක කඩුල්ලට ලකුණු 208 ක සබඳතාවයක් පැවත් වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ඩිල්ෂාන් මුණවීර දෙදෙනා පන්දු වාර 20 නිමා කරන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුල්ලක් දැවි ලකුණු 218 ක් දක්වා ඔසවා තබන්නට සමත් වුණා.

තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 56 තුළ ලකුණු 107 ක් ලබා ගත්තා.ඩිල්ෂාන් මුණවීර නොදැවී පන්දු 63 ක් තුළ නොදැවී ලකුණු 65 ක් ලබා ගත්තා.ෂේන් වොට්සන්,කැමරන් වයිට්,බ්‍රෙඩ් හොග් වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් සපිරි ඹ්ස්ට්‍රේලියාවට පන්දු ඹ්වර් 18 ක් අවසානයේ ලබා ගන්නට ලැබුණේ ලකුණු 180 ක් පමණයි.එහිදි නුවන් කුලසේකර ලකුණු 36 ට කඩුලු 4ක් දවා ගනිද්දී,ආසියානු කුසලාන තරගාවලියේ වීරයා වෙමින් පන්දුවෙන් සහ පිත්තෙන්ද දස්කම් දැක් වූ වනිඳු හසරංගගේ අයියා, චතුරංග ද සිල්වා ලකුණු 32 ට කඩුලු 2 ක් දවා ගත්තා.

ක්‍රිකට් කුසලානයට පෙර කාන්තා නෙට්බෝල් සූරතාවය ඊයේ අප සතු වුණා.හිටපු ආසියාතික සූරියන් හැටියට ඔවුන් ගියේ අලුතෙන් දෙයක් දිනා එන්න නෙමෙයි.තියෙන දේ රැකගෙන එන්න.එහෙම වුණාම පීඩනය වැඩියි.නමුත් ඒ පීඩනය හමුවේ ශ්‍රී ලංකාවට මේ නෙට්බෝල් කුසලානය රැකගන්න තමන්ගෙ වගකීම් කරා ද කියන එක ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කල්පනා කරන්න ඕනි. තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් මත නෙට්බෝල් ක්‍රීඩාවේ පරිපාලනය වෙනස් කරන්නට මෙන්ම,වෙනස් කරන ලද පාලනයෙන් තමන්ගේ ඉලක්ක සපුරා ගන්න කියන සීමාවෙන් ඔබ්බට නෙට්බෝල් නෝනාවරු බොහොමයකගේ ඔළු වැඩී නැහැ.ඒ සඳහා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින සහ සිටි අයටත් විශාල බලපෑමක් කරන්න පුළුවන්.ආසියාවේ අපේ නෙට්බෝල් දක්ෂතා සමඟ හැරෙන්නවත් කිසිවෙක් නැති බව සැබෑ වුණත්,අපේ තරම් නොවැඩුණු ඔළුත් නොමැති බව කිව යුතුයි.රටට තමන් හරහා එන ජයග්‍රහණ හැරෙන්නට වෙනත් අයෙක්ගේ සබඳතාවයකින් ජයග්‍රහණ ඒම ගැන උරණ වෙන සාමූහිකව එක්ව වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන උදවියගෙන් පිරුණු නෙට්බෝල් මේ මට්ටමේ රැදී සිටින්නේ ක්‍රීඩිකාවන් පිටියේ දී පරාජය වන්නට අකමැති නිසයි.

පුහුණුව සඳහා අවශ්‍යය පහසුකම් සිටම පැය කාලේ කාර්තු හතරක, මීටර් 30.5 X මීටර් 15.25 ඉඩක ක්‍රීඩා කරන වේගය දැන ගන්නට සාමාන්‍යයෙන් තරගයක ලකුණු එකතුව සළකා බැලීමකින් වුව හැකියාව තිබෙනවා.උදාහරණයකට ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරාජය කළ අවසාන තරගයේ ලකුණු තත්ත්වය වූයේ 63 – 53 ක්.මේ ලකුණු එකතුව 120 ට ආසන්නයි.එයින් පැහැදිළි වෙන්නේ මේ තරගයේ හැම විනාඩියකටම ලකුණු දෙකක් එකතු වී ඇති බව.එවැනි වෙහෙසකර වෑයමක දී ක්‍රීඩිකාවන්ට සම්භාහනය අවශ්‍යය නැහැ කිව්වෙ කවුද කියන එක වෛද්‍යවරයෙක් වන අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මෙන්ම අමාත්‍යවරයා ද සොයා බැලිය යුතුයි.අඩුම තරමේ ඒකට හේතුව කාර්ය මණ්ඩලය හිඟකමනම් අංගම්පොර වැනි ආයුර්වේදය පදනම් ක්‍රීඩාවක තෙල් සම්භාහනයකට හෝ ක්‍රීඩිකාවන්ව යොමු කරානම් වැදගත් වෙයි. විශාල පිරිසක් නිලධාරී රොඳ බැඳ සිටින ජනාධිපති කාර්ය මණ්ඩලය හෝ මේ රැකගත් කුසලානයේ පසුබිම් කතාව විමසා ඒ සම්බන්ධයෙන් අඩු ලුහුඩු කළ අයට අඩුම තරමේ අවවාද හෝ කළ යුතු වෙනවා.රටක් කළාපයක සූරතාවය දිනා ගන්නවා කියන්නේ පහසු කටයුත්තක් නොවන අතර එවැනි හැකියාවක් සහිත කණ්ඩායමක් රටක් රකින්නේ කෙසේද යන්න අවබෝධයක් නැති ව්‍යහුයක් ඇතුළේ කෙල්ලන් ටික කරපු වැඩේ ගැන සරලවම කිව හැක්කේ “ඒක මරු” යන්නයි.

“ඒ නිසා බොහෝ හැඩුම් හඬා ප්‍රමාණවත්ව නොවන තරමේ පහසුකම් සහිතව රැකගත් මේ කිරුළ තමන්ගේ ප්‍රචාරනයට යොදා ගන්නට නිලධාරීන් මෙන්ම දේශපාලනඥයෝ ද කටයුතු නොකළ යුතුයි.එම පරිපාලකයෝද ක්‍රීඩිකාවන් වන්දන්න දක්කාගෙන නොයන්න වග බලාගත යුතුයි.”

ක්‍රිකට් කණ්ඩායම ද රැවුම් ගෙරවුම් මැද තමයි සංචාරයට එකතු වුණේ.තේරුම් කමිටුවේ මද ප්‍රමාදයක් නිසා සමහර විට මේ සංචාරයට නොයවන්නත් තිබුණා.ඒ වගේම සංචාරයට සහභාගිවෙන්න හිටිය තේරුම් කමිටුවේ සභාපතිවරයාත් වැඩක් නැහැ කියලා ජාතික ක්‍රීඩා සභාවෙ නිර්දේශ මත ලංකාවෙ නතර කර ගත්තා.

ඒ වගෙම පුංචි ඉස්සිලක් තිබුණත් අපි ආසියාවේ අන්තිමට දාලා තිබුණ කණ්ඩායම.ඒක තමයි ඇත්ත.ජයග්‍රහණයට ඉඩ තිබුණෙ 0% ක්.මේ මැද්දෙ ඇෆගනිස්තානයට පළමු තරගය ශ්‍රී ලංකාව පරාජය වන්නේ 105 ට දැවී ගිහිං.ඒ අවස්ථාවේ ඇතැම් ඉන්දීය සහ පකිස්තානු විචාරකයන්ගේ කට ගැස්මට අහු වුණේ එතැන හිටපු රසල් ආනල්ඩ්.බොහොම පහළ තැනකට දාලා බංගලිදේශයත් ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් අවතක්සේරු කළා.නමුත් පල්ලමට පස්සෙ හම්බවෙන කන්ද නඟින්න ශ්‍රී ලංකාව කණ්ඩායමක් හැටියට එකතු කරගත් හයිය අපූරුයි.ඔවුන් බංගලාදේශය පරාජය කරමින්ම ජයග්‍රාහී ගමන ආරම්භ කළා.

ඒ ගමන ආයේ නවත්තන්න කාටවත් බැරි වුණා.විශේෂයෙන්ම මහා දේවල් කරන්න කවුරුත් හිටියෙ නැහැ.කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක,භානුක රාජපක්ෂ,වනිඳු හසරංග,මහේෂ් තීක්ෂණ,ඩිල්සාන් මධුශංක,චාමික කරුණාරත්න,දසුන් ශානක…. මේ විදිහට ඔබ කණ්ඩායම ලියාගෙන යන්න.හැම කෙනෙක්ම ජයග්‍රහණය වෙනුවෙන් මුල සිට කොයි මොහොතක හෝ තමන්ගේ උපරිමය ලබා දි තිබෙනවා.එහෙම කණ්ඩායමක් හැටියට වැඩ කරන කණ්ඩායමක් මෑත කාලයේ නොදුටුව තරම්.ඒ වගේම බෙදා ගැනීම නිසා නරක තත්ත්වයන් හමුවේ දරා ගැනීම පහසු වුණා.කවුරුත් තනියෙන් ප්‍රහාරයට ලක්වෙන්න දීම වෙනුවට සියල්ල ගැටළුකාරී අවස්ථාවලදී බෙදාගෙන කටයුතු කිරීම තිබුණා.මේ ටික කියාගන්න ප්‍රතිවාදීන්ට පීඩනයක් වෙන තරමට හැමෝම තුළම තිබුණ විශ්වාසවන්ත ප්‍රබෝධය අතිශයින් වැදගත්.

මහේෂ් තීක්ෂණ කිව්වා වගේ හොඳ සහෝදරයො 11 ක් කියන එක පිටිය ඇතුළෙ හැම හැසිරීමකින්ම සනාත කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.අන්තිමට දැඩිව අවලාද නඟපු ගෞතම් ගම්භීර් වැනි සාමාන්‍යයෙන් පිළිගන්න හැටියට මද ආඩම්බරයක් සහිත ක්‍රීඩකයෙක් පවා ශ්‍රී ලංකා කොඩිය අතට අරගෙන ප්‍රසිද්ධියේ සුබ පතන තත්ත්වයට නමා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාව සමත් වුණා.

මේ ගමන අසීරු එකක්.සිල්වර්වුඩ් පුහුණුකරුවෙක් හැටියට මේ අභියෝගයට මුහුණ දුන් හැටිත් අපූරුයි.ඔහුට කිසිම කණ්ඩායමක කිසිම ක්‍රීඩකයෙක් අත හැරි තිබුණේ නැහැ.ඔවුන්ගේ දුර්වලකම් හොඳින් අධ්‍යයනය කර තිබුණා.නායක දසුන් සමඟ ඔහු කටයුතු කරන මිත්‍රශීලී ස්වභාවය පලදායක එකක්.ඒ සාකච්ඡාව,ඔවුන් දෙදෙනා අතර පමණක් නොවේ කණ්ඩායම තුළම තියෙන බව විශ්වාස කළ හැකියි.මේ සාමුහික හැඟීම නිසා විශාල කාලයක් කණ්ඩායමේ දොර නෑරිය,අන්තිමට බඩේ රැලිවල එල්ලිත් පන්නල දාන්න බැලුව භානුක රාජපක්ෂගේ ඉණිමෙන් පැහැදිළි කළේ,දක්ෂයා සැඟවිය නොහැකි බවයි.කණ්ඩායමට ඔහුව කෙතරම් විශ්වාසද යන්න වගේම කණ්ඩායම තමන්ට කෙතරම් විශ්වාසද යන්නත් ජයග්‍රහණය සඳහා මඟ පෙන්නූ, භානුක දියත් කළ අසීරු ඉණිමේ සාර්ථකත්වය හරහා පැහැදිළි කර බව කිව යුතුයි.

කෙසේ හෝ දැන් බොහෝ අය මේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්න ඉදිරිපත් වෙන බව සහතිකයි.හාන්න, වපුරන්න අය නැති වුණාට ලංකාවෙ නෙලන්න පිරිස වැඩි බව හැමෝම දන්න දෙයක්.ඒත් බොහෝ පිරිසක් මේ ජයග්‍රහණයේ අයිතිය ඒ කණ්ඩායමට ආදරයෙන් ලබාදෙන බවත් විශ්වාසයි.ඒ ආදරය වෙනුවෙන් දොරගුළුවලට ඇස තබාගෙන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අපට ඕන විදිහට විඳින්න කියන දේ ත් නොකර සිටිම වැදගත්.ඔවුන් අසාධාරණ,අයුක්තිසහගත,අනීතික සමාජ විරෝධි වැඩක් නොකර තමන්ගේ පෞද්ගලික ජීවිතය තමන්ට ඕනි විදිහට පවත්වාගෙන යනවානම් ඊට විරුද්ධ නොවී ඉදීම වැදගත්.

ඒ වගේම මේ සියල්ල අතර ශ්‍රී ලංකාව පහුකරගෙන ආව ක්‍රිකට් වංශ කතාවේ ද අපූරු දවසක් සැප්තැම්බර් 11 දා ට යෙදී තිබෙනවා.ඒ කපිල් දේව් ගේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සිය ඓතිහාසික මංගල ටෙස්ට් තරග ජයග්‍රහණය ලැබීමයි.ඒ ජයග්‍රහණය වගේම එය ලබා දීමට කපිල් දේව් අවසාන කඩුල්ල ලෙස දවා ගැනීමට පන්දු යවමින් රුමේෂ් රත්නායක පෙරළා ආ උඩ පන්දුව රැකගත් ආකාරයත් සදාකලිකව යළි යළිත් දකින්නට තාක්ෂණය සහිත සමාජයක රැදෙන්නට අප පිංකාරයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan