දේශපාලන ප්‍රතිසංස්කරණ නැත්නම් ආධාරවලින් විතරක් ගොඩ යන්න බෑ – සමන්තා පවර්

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා දැක තමන් දැඩිලෙන කණගාටුවට පත් වූ බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසනවා.

ඊයේ මෙරටට පැමිණි සමන්තා පවර් මහත්මිය ඊයේ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් විමසා බැලූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ ඇය ප්‍රකාශ කළේ අධික ණය බර, වංචා හා දූෂණ, රසායනික පොහොර එකවර තහනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් වත්මන් අර්බුදයට හේතු වූ බවයි. ඇතැම් දේශපාලනඥයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිළධාරීන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ කඩාවැටීමට හේතු වූ බවද සමන්තා පවර් මහත්මිය අවධාරණය කරනවා.

විදෙස් රටවලින් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලැබූ පමණි සියලු අර්බුද අවසන් නොවන බව පෙන්වා දෙන ඇමරිකානු නියෝජිතවරිය පවසන්නේ කඩිනමින් රටතුළ ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ඇතිකළ යුතු බවයි. ආර්ථික හා දේශපාලනික වගවීම් අවශ්‍ය බවත් ඇය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවට අතිරේක සහනයක් ලෙස ඩොලර් කෝටි 06 කට අධික මුදලක් ලබාදීමට තමරට පියවර ගන්නා බවද සමන්තා පවර් මහත්මිය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?