වී මිලදී ගැනීමේ ප්‍රශ්නය නිසා ඇමති අමරවීරත් වැට උඩ – ප්‍රශ්නය කැබිනට්ටුවටම යයි

Date:

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් සුභවාදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සහ හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදීත් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වී මිලදී ගැනීම සඳහා සුභවාදී තීන්දුවක් ගැනීමට හැකි උපරිම උත්සාහය යොදන බව අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (12) බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

මේ වන විට රජයේ වී මිලදී ගැනීම් අර්බුදයකට ලක්ව තිබෙන අතර ගොවීන් චෝදනා කර සිටින්නේ රජය තමන්ගෙන් මිලදී ගත් වී තොගවලට මුදල් නොගෙවීම නිසා දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටින බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...