රුමේෂ් තරංග ලොව දක්ෂතම හෙල්ල විසි කරන්නන් පස්දෙනා අතරට…

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. ඒ සඳුදා (01) මොරොක්කෝවේ පැවැති ‘Rabat Diamond League’ තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමත් සමඟයි.

ඔහු දැනට ලබාගෙන ඇති සාමාන්‍ය දක්ෂතා ලකුණු ප්‍රමාණය 1,287ක් වන අතර, ඒ අනුව ලොව දක්ෂතම ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක්වීමට ඔහු සමත්ව ඇත.

ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් පස්දෙනා පෙළගැසී ඇති පිළිවෙල මෙසේය.


1 ජූලියන් වෙබර් (Julian Weber)- ජර්මනිය

2 ඇන්ඩර්සන් පීටර්ස් (Anderson Peters)- ග්‍රෙනඩාව

3 කෙෂෝන් වෝල්කොට් (Keshorn Walcott)- ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

4 නීරාජ් චොප්රා (Neeraj Chopra)- ඉන්දියාව

5 රුමේෂ් තරංග (Rumesh Tharanga)- ශ්‍රී ලංකාව

මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර් විසින් හොබවන අතර රුමේෂ් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්‍රභූ ලැයිස්තුවට ඇතුළත් වූ එකම ක්‍රීඩකයා වේ. මෙය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු තැබූ සුවිශේෂී සන්ධිස්ථානකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...