පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඊයේ (06) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කරුණු සත්‍යයෙන් තොර බව පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ සැකකරුට ශ්‍රී ලංකා පොලිසිය මගින් කිසිදු අමානුෂික සැලකීමක් හෝ පහරදීමක් සිදුකර නොමැති බවත් සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කරන අයුරින්ම ඔහු සම්බන්ධයෙන් ද නීත්‍යානුකූලව ක්‍රියා කර ඇති අතර, කිසිදු නොසලකා හැරීමක් හෝ විශේෂ සැලකිල්ලක් ද ඔහුට දක්වා නැති බවත් පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.



