*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

කණ්ඩායමක් විදිහට අවශ්‍යයතා තියෙනවා – නෙට්බෝල් නායිකා ගයංජලී අමරවංශ

ආසියානු කුසලානය රැඟෙන දිවයිනට පැමිණි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ මාධ්‍ය වෙත පැවසුවේ කණ්ඩායමක් විදිහට තමන්ට අවශ්‍යයතා තිබෙන බවත්,ඒවා සපුරා දෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය සහ නෙට්බෝල් පරිපාලනය කටයුතු කරනු ඇති බවත් තමන් විශ්වාස කරන බවය.
අප මීට පෙර ද හෙළිදරව් කළ පරිදි පැයක කාලයක් තුළ කාර්තු හතරකින් ක්‍රියාත්මක වන නෙට්බෝල් වැනි ක්‍රීඩාවකින් පසු වෙහෙසකර මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට සම්භාහනය අත්‍යවශ්‍යය කටයුත්තක් වුවත්,ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු තරගාවලියට සම්භාහකයෙක් හෝ ලබා නොඳුන් බව අප මීට ඉහතදී ද පැවසීය.ඒ තත්ත්වය මත තරගාවලියට එක් වූ වෛද්‍යවරිය මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එකනෙකා සම්භාහනය කර ගනිමින් ද මේ තරගාවලියේ සාර්ථකත්වය ආරක්ෂා කර නොගන්නට අද අමාත්‍යංශ නිලධාරීන්ට හෝ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ටත්,දේශපාලකයන්ටත් ජයග්‍රහණයක පංගුකරුවන් සේ පෙනී සිටින්නට ඉඩ නොලැබෙන්නට තිබිණි.
නායිකා ගයංජලී මෙහිදි පෙන්වා දුන්නේ ඔවුන්ගේ ආසන්නම ඉලක්කය 2023 දී දකුණු අප්‍රිකාවේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබිය හැකි ජයක් ලැබීම බවය.කණ්ඩායමේ උප නායිකාවගෙන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් ද,සෙසු ක්‍රීඩිකාවන්ගෙන්ද ලැබුණු සහයෝගය අගය කළ ගයංජලී කණ්ඩායමේ එකමුතුකම ජයග්‍රහණයේ රහස වූ බව පැවසීය.පුහුණුකාරියට සහ පුහුණු කාර්ය මණඩලයටත්,සම්මේලනයට සහ අමාත්‍යංශයටත් ඇය ස්තූතිය පළ කළාය.
මේ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට 2018 දී ආසියානු කුසලානය ජයගත් මොහොතේ නිවාස ලබා දුන් අතර එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේ ෆයිසර් මුස්තාෆා ය.නිවාස අමාත්‍ය ධූරය දැරුවේ සජිත ප්‍රේමදාස ය.නමුත් මෙම රජය බලයට පැමිණිමෙන් පසු එම නිවාස ලබා දීමේ පරිපාටිය ප්‍රශ්න කරමින් ඒ සඳහා ගෙවීම් කරන සේ ක්‍රිඩිකාවන්ට ලිපි නිකුත් කර තිබුණු අතර ඒ ප්‍රශ්නයට ක්‍රීඩිකාවන්ට සෑහීමකට පත් විය හැකි පිළිතුරක් දීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ට සහ එවකට නිවාස අමාත්‍ය ධූරය භාරගෙන සිටි මහින්ද රාජපක්ෂයන්ට නොහැකි විය.
මේ කුසලානය ලැබුණු මොහොතේ සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන් දර්ශන තලයෙන් ඉවත් කර හෝ නෙට්බෝල් ක්‍රීඩිතාවන්ට සහ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමුණු එම නිවාසවල අයිතිය සම්බන්ධයෙන් වන නිවැරිදිම ක්‍රමවේදය අනුගමනය කරමින් එම නිවාසවල අයිතිය සුරක්ෂිත කරන්නට කටයුතු කරන්නේනම් වැදගත්ය.ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කගේ හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයන් සේ නොසිතා රටේ සම්පත් සේ ගෙන කටයුතු කරන ලෙස මේ මොහොතේ හෝ කටයුතු කරන ලෙසත්,මිනිසුන් අතරට යාමට බැරි තත්ත්වයකට මේ රටේ දේශපාලකයා පත් වි ඇති වපසරියක ඔවුන්ට මහජන විරෝධයෙන් ආරක්ෂා වි ජනතාව අතරට පැමිණීමට ඉඩ දුන් නෙට්බෝල් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද උපරිම උපහාරය පිදීම යුතුකමක් බව ද සිහි කරන්නෙමු.
ජයග්‍රහණයේ ආනන්දය හරහා එන උන්මාදයේ කොටස්කරුවන් නොවි වඩාත් වගකීමෙන් මාධ්‍ය හරහා මේ කරුණු වෙනුවෙන් පෙනී සිටිම වැදගත් වන අතර නායක දසුන් ශානක ප්‍රසිද්ධියේම කිව්වේ රටේ ක්‍රීඩාව ක්‍රිකට් විතරක් නොවන බව සිතා අනෙකුත් ක්‍රීඩාවලට ද අවධානය දෙන ලෙසය.මෙම කණ්ඩායම් විදේශගත වන විට පත් වී නොතිබි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ගුවන් තොටුපළට පිවිස ජයග්‍රහණයේ හවුල්කරුවෙක් වි සිටිය අතර මීට අමතරව කණ්ඩායම් පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ සහ නෙට්බෝල් සභාපතිණිය ලක්ෂ්මි වික්ටෝරියා ද මාධ්‍යයට අදහස් දැක් වූහ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan