සීගිරිය බලකොටුවක් නෙවෙයි ලෙෂර් පාක් එකක් – සංචාරක අමාත්‍යංශය

Date:

සීගිරිය, කාෂ්‍යප රජතුමා විසින් රාජ්‍ය පාලනය සඳහා භාවිතා කළ බලකොටුවක් ලෙස ලොවපුරා ප්‍රසිද්ධ වී ඇති නමුත්, එය බලකොටුවක් නොව විනෝදාස්වාදය ලබාදීම සඳහා නිර්මාණය කළ උද්‍යානයක් බව සංචාරක අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. සීගිරිය සම්බන්ධයෙන් සිදුකළ නවතම පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

සීගිරිය ලෝකපූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම්කර ඇති නමුත් තවමත් ඒ පිළිබඳව සංචාරකයන් දැනුවත්ව නොමැති බව පෙන්වා දෙන චූලානන්ද පෙරේරා මහතා පවසන්නේ ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන බවයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ යුනිසෙෆ් සංවිධානය එක්ව සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ඔහු පවසනවා.

සීගිරිය බලකොටුවක් ලෙස භාවිතා කළේ නම් පොකුණු හා මල්වතු නිර්මාණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, සත්‍ය ලෙසම සීගිරිය නිර්මාණය කර තිබෙන්නේ ලෙෂර් පාක් එකක් ලෙස බවත් සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...