ක්‍රීඩිකාවන්ටත් ඉස්සරහින් පෙරහැරේ යන්න තරම් රෝහණ මොනවද කළේ ?

Date:

ආසියාව ජයගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා පසුගියදා දිවුරුම් දුන් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ක්‍රිඩා අමාතයංශයේ නිළධාරීන්, දැල්පන්දු සම්මේලනයේ නිළධාරිනියන් එක්ව සිටියේය.

දින කිහිපයකට ඉහතදී ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවරුම් දුන් රෝහණ දිසානායක මහතා ආසියාව ජයගත් දැල්පන්දු ශූරියන් අභිබවා කැපී පෙනෙන්නට උත්සාහ දැරූ ආකාරය දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍ය හරහා දැඩිලෙස විවේචනයට ලක්ව තිබේ.

ඇතැමුන් උපහාසයට මෙන් ‘සරමකුත් ඇඳගෙන පට්ට ගැම්මෙන් ඉන්නෙ පුහුණුකරුද නැත්තං නායකයාද ?’ කියා විමසා තිබිණි.

මහත් හරසර මැද, රැඟුම් ගැයුම් මධ්‍යයේ දැල්පන්දු ක්‍රීඩිකාවන් ගුවන් තොටුපල පරිශ්‍රියෙන් එළියට පැමිණෙද්දීද ක්‍රිඩිකාවන් අභිබවා රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියෙන්ම පැමිණෙන ආකාරය දක්නට ලැබිණි.

දිවුරුම් දී දින කිහිපයක් ඇතුළත, මෙතරම් පැසසුම් ලබන්නට තරම් රෝහණ දිසානායක මහතා දැල්පන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර කුමක්ද යන්න ක්‍රීඩාලෝලීන්ට මතුව ඇති ගැටලුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...