හෙට පක්ෂ නායක රැස්වීමක්

Sri Lankan President Gotabaya Rajapaksa delivers his speech laying out the policies of his new government, after ceremonially opening the new session of parliament, in Colombo, Sri Lanka January 3, 2020. REUTERS/Dinuka Liyanawatte - RC278E9K95XN

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (14) පැවැත්වීමට නියමිතය. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා ගණනාවක් පිහිටුවීම තවමත් අවසන් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බව වාර්තා වේ.

මීට අමතරව ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමද හෙට සිදු කෙරේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි අතර අදාල ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි හෙට පක්ෂ නායක රැස්වීමේදී යෝජනා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ලබන 20 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 23 වැනිදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ.

UN