මද අඳුර අඳුරටම හැරීම

Date:

ජාත්‍යන්තර තරගාවලියකට පූර්ව තෝරා ගැනීමක් සේ පවත්වන තරගාවලියකදී යම් කිසි සීමාවන් පනවමින් එහි ගුණාත්මක තත්ත්වය ගැන සැළකිල්ල යොමු කළ යුතු වුවත්,පාසල් මලල ක්‍රීඩා සංගමය හෝ මලල ක්‍රීඩා ඒ සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදැක් වීම නිසා ජොන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලියේ ඇතැම් තරග සැප්තැම්බර් 13 වන දා කිසිවක් අපැහැදිළි ඝන අඳුරේ පවත්වනු දැකිය හැකි විය.
ඇතැමුන් අත ඇති ජංගම දුරකතනවල විදුලි පන්දම දල්වා සංගීත සැදෑවක මෙන් වනමින් තරගය නරඹන්නට උත්සාහ කරන අයුරක් දැකිය හැකි වූ අතර වැඩි පිරිසක් සහභාගි විම නිසා ඇතැම් ඉසව්වල විශාල මූලික තරග ගණනාවක් පැවත්වීමට සිඳු වීම නිසා 13 වන දා පැවත්වීමට තිබූ තරග විශාල ප්‍රමාණයක් කල් දැමීමට සිඳු වූ බව පාසල් මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් අදහස් දැක් වූ නෙවිල් රොද්‍රිගෝ මහතාම අප සමඟ පැවසීය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඔක්තෝමබර් පැවත්වෙන ආසියානු 18 න් පහළ තරගාවලිය සම්බන්ධයෙන් තේරිම් තරග සඳහා තව දිනයක් වෙන් නොකරන්නේනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිඳු විය හැකි අතර මීට පෙර එම වයස් සිමාවන්ගේ සිටින ප්‍රමුඛ ක්‍රීඩකයින් 16 පමණක් තෝරා ජෝන් ටාබට් තරගාවලිය ගාවා ගන්නේ නැතිව තරග පවත්වා තිබුණානම් එම තෝරා ගැනීම්වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණයක් ඉටු වන්නට තිබිණ.ක්‍රීඩා අමාත්‍යංශය තරග පුහුණුවට හෝ සුගතදාස අධිකාරිය හරහා නිසි පරිදි පහසුකම් ලබා නොඳුන් අතර දියගම ක්‍රීඩාංගණයේදීත් එහි පාලනාධිකාරයේ ගැහැටවලට ලක්වන්නට ක්‍රීඩක් ක්‍රීඩිකාවන්ට සිඳු විය.
මේ සමඟ ඇති විඩියෝවේ තිබෙන්නේ ඊයේ රාත්‍රියේ තරග පැවත් වූ ආකාරයය.තරගාවලියට සූදානම් වීමට හරියට පහසුකම් නැති කරෙන් මද අන්ධකාරයක ගිලී සිටි මලල ක්‍රීඩාවේ අනාගතය ඊයේ සම්පූර්ණයෙන් අඳුරේ ගිලි ගියේ දුර තියා සැළසුම් නොකළ වරද හේතුවෙන්ය.


වීඩියෝ ව උපුටා ගැනීම නදීශාන් මේඩින්ගේ මුහුණු පොතෙන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...