බ්‍රිතාන්‍ය මහ රැජිනට ශෝකය පළකිරීමේ විවාදය 23 වැනිදා

Date:

පසුගියදා අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට ශෝකය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ලබන සිකුරාදා (23) ශෝකය පළකිරීමේ විවාදය පැවැත්වෙනු ඇත.

23 වැනිදා පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා විවාදය සඳහා කාලය වෙන්කර තිබේ.

මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කරන 19 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස දැනටමත් ප්‍රකාශ කර ඇති අතර එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවටද පත්කර තිබේ.

මැයි 09 වැනිදා නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර වෙඩිවැදී මියගිය, පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට ශෝකය පළකිරීමේ යෝජනාව පසුගිය සිකුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අතර හිටපු මන්ත්‍රීවරයාගේ පවුලේ සාමජිකයන් පිරිසක්ද පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය. කෙසේ නමුත් ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වෙත පැමිණ නොසිටි හෙයින් අදාල යෝජනාව ඉදිරිපත් කිරීම කල්දැමීමට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...