සටහන – රුවන් නෙළුගොල්ල
මේ වනවිට රටේ ජනතාව ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බවත් බඩුමිල ඉහළ යාම හමුවේ ජනතාවට තුන්වේල ආහාර සපයාගැනීම පවා දුෂ්කර වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නෙ. මං හිතන්නෙ ජනතාවගෙන් පැත්තෙන් බැලුවාම මං හිතන්නෙ නෑ එදාවේල කන්න පුළුවන් තත්වයක්වත් තියෙනවා කියලා ඉන්න කට්ටියට”
ප්‍රශ්නය – මේ වගේ තත්වයකින් ජනතාව මුදාගන්න ඔබතුමා මොනවගේ වැඩපිළිවෙලක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොන වගේ තත්වයක තියෙනවාද ?
“ශක්තිය තියෙනවා … අපිට බලය දෙන්න, අපි කරලා පෙන්වන්නම්”
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කළුතරදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


