රෂිකා හෙන්නායක ජුනි 14,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සහ තුර්කිය අතර පැවති තීරණාත්මක තරගයේදී ප්‍රබල තුර්කි කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පරාජය කරමින් ඕස්ට්‍රේලියාව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
නෙස්ටෝරි ඉරන්කුන්ඩා සහ කොනර් මෙට්කාෆ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගෝල ලබාගත් අතර, නවක ගෝල් රකින්නා වූ පැට්‍රික් බීච් දැක්වූ දක්ෂතා ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් විය.
වසර 24කට පසු ලෝක කුසලානයට පිවිසි තුර්කියට මෙම පරාජය දැඩි බලපෑමක් එල්ල කළ අතර, ඕස්ට්‍රේලියානු පුහුණුකරු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වෙනුවට තරුණ ක්‍රීඩකයින් යොදාගනිමින් ගත් අවදානම් සහගත තීරණය සාර්ථක වූ අයුරු මැනවින් පැහැදිලි වේ.


