‘කපුටු කාක්’කියා හෝන් ගැසූ නීතිඥයා නිදහස් – නීතිය අවභාවිතා නොකරන්නැයි මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට අවවාද

Date:

‘කපුටු කාක්’ අනුවාදයට අනුව සිය රථයේ නළාව හැඬවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥයෙකු අදාල චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඉකුත් ජුලි 09 වැනිදා කොළඹ කොටුව පොලීසියේ නිළධාරීන් විසින් මෙම පුද්ගලයා සිය භාරයට ගෙන පසුව මුදාහැර තිබුණේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසියට තරයේ අවවාද කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා ප්‍රකාශ කළේ යමෙකු රථවාහන වරදක් සිදුකළේ නම් එම අවස්ථාවේදීම ස්ථානීය දඩයක් නියම කිරීමේ හැකියාව පොලීසියට තිබෙන බවයි. එසේ නොකරන අධිකරණයට කරුණු වාර්තා කරමින් නීතිය අවභාවිතා නොකරන ලෙස පොලිස් නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මෙසේ නිදහස් කළේ හම්බන්තොට නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වන දුෂ්මන්ත වීරරත්න මහතායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...