රැජිනගේ අවමගුල දා ව්‍යාපාරික ස්ථාන වසාදැමීම අත්‍යවශ්‍ය නෑ – බ්‍රිතාන්‍ය රජය දැනුම් දෙයි

Date:

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙනවා. ඒ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීයි.

අවමගුල් උත්සවය සඳහා විදෙස් රාජ්‍ය නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් සහභාගිවීමට මේ වනවිටත් තීරණය කර තිබෙනවා.

19 වැනිදා බැංකු නිවාඩු දිනයක් ලෙස බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේ නමුත් රජය ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන්නේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම අත්‍යවශ්‍ය නොවන බවයි. ආයතන ප්‍රධානීන්ට සිය අභිමතය පරිදි ඒ පිළිබඳව තීරණය කළහැකි බවද ප්‍රකාශ කර තිබේ.

දැනටමත් එරට ඇඟළුම් ආයතන ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක්, රැජිනට කරන ගෞරවයක් වශයෙන් සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයන් සීමිත කාලයකට පමණක් සිය ව්‍යාපාරික ස්ථාන වසා තැබීමටයි තීරණය කර තිබෙන්නේ.

රැජිනගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුළ‌ ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රජයේ නිවාඩු දිනයක් ලෙසද නම්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...