විශ්‍රාම වයස 60 ට සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Date:

රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමේ තීරණයට අදාල චක්‍රලේඛය අද නිකුත් කෙරිණි. රාජ්‍ය පරිපාලන, ස්වේදශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා විශ්‍රාම වයස 60 දක්වා සීමා කිරීමට යෝජනා කළේය.

මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස අවුරුදු 60 සම්පූර්ණ කළ සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යායුතු අතර ඔවුන්ට අවශ්‍ය නම් තම අභිමතය පරිදි එම දිනයට පෙර විශ්‍රාම යාමට අවස්ථාව තිබෙන බවද ලේකම්වරයා සිය චක්‍රලේඛය හරහා ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...