මැණික් මල්ලේ ප්‍රශ්නය:යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට (16) දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සිය සේවා දායකයා සමඟ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක් විත්තිකරුවන් වශයෙන් නම් කර තිබුණද පසුව ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව නීතිපතිවරයා විසින් නිදහස් කළ බවය.

එසේ තිබියදී තම සේවා දායකයාට පමණක් “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාම නීතියට පටහැණි බවත් නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ එක් විත්තිකරුවෙකුට වුවද “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට හැකි බවය.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් හෙට දින පූර්ණ විභාගයක් පවත්වන බව අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...