වසර 42කට පසු කලා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වසර 42කට පසු කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද (16) ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වසර 42කට අධික කාලයක් පැවති ජල කාන්දුවට ස්ථිරසාර තාක්ෂණික විසඳුමක් හිමි වනු ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඍජු ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

වසර 42කට පසුව කලාවැව ජලාශයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා වත්මන් රජය අපේක්ෂිත මුළු මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 75කට අධිකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...