කොළඹ LNW:ලෝකයේ බොරතෙල් බැරලයක මිල අඩු වී තිබෙන හෙයින් අප රට තුළත් තෙල් මිල අඩුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි.
වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්ත්වයටම පහළ වැටී ඇති බවයි විපක්ෂ නායකයා පවසන්නේ.
බොරතෙල් මිල වැඩි වන විට ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් ලෝකයේ තෙල් මිල අඩු වන විට අප රටේ ද තෙල් මිල අඩුවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කිා සිටියේ අද (17) Nation Lanka ආයතනයේ මුදල් වංචාවක් නිසා අසරණ වූ ජනතාව හමුවූ අවස්ථාවේදීය.
අප රටේ තෙල් සඳහා ඉහළ බදු ප්රතිශතයක් අය කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන්නේ එම බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලට තෙල් දෙන බව කියා වුවත් අද වන විට වරායේ ගොඩබාන මිලට මෙන්ම ලෝක වෙළෙදපොළේ තෙල් මිල අඩු වන විට පවා අඩු මිලට තෙල් ලබා දෙන්න රජයට නොහැකි වී ඇති බවත් මේ නිසා අප රටේ ජනතාව රජය කෙරෙහි බරපතල අවිශ්වාසයකින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
මේ රජය සෑම විටම සිදු කළේ පච දේශපාලනය බවත් මෙරට ලක්ෂ 220ක් ජනතා මෝඩයන් සේ සලකා රජය කටයුතු කරන බවත් හෙතෙම පවසයි.
එසේම සමගි ජන බලවේගය බලයේ සිටිනවා නම් තෙල් මිල වැඩි වන විට වැඩි කරනවා සේම අඩු වන විට අඩු කර බවත් වත්මන් රජය කරන්නේ බොරුවෙන් ජනතාව අනාථ කිරිම පමණක් බවත් සජිත් ප්රේමදාස මහතා තවදුරටත් කියාසිටියි.
මේ නිසා දේශපාලනඥයන් කෙරෙහි ජනතාව අවිශ්වාසයෙන් කටයුතු කරන අතර මහජන නියෝජිතයන් ලෙස සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් මුදලට අලෙවි නොවන බවත් ජනතාවගේ දුක වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් වහාම ක්රියාත්මක වන පරිදි තෙල් මිල අඩු විය යුතු යැයි මතයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්රකාශ කරයි.


