ශ්‍රී ලාංකීය යෞවනයින්ට දුනු විදීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යන්න නව මාවතක්!

කොළඹ LNW:ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අතර දුනු විදීමේ ක්‍රීඩාව (Archery) ප්‍රවර්ධනය කිරීමේ සහ ඔවුන්ගේ ක්‍රීඩා නිපුණතා ජාත්‍යන්තර මට්ටමට වර්ධනය කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී.

මෙම ගිවිසුමට සමගාමීව, දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලය කේන්ද්‍ර කරගනිමින් විධිමත් දුනු විදීමේ පුහුණු වැඩසටහන්, පුහුණුකරුවන් සවිබල ගැන්වීමේ වැඩමුළු සහ සහජ කුසලතා පිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ ජාතික මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත. මෙම සියලුම පුහුණු සැසි, වැඩමුළු සහ ඊට අදාළ තාක්ෂණික දායකත්වය ජාතික යොවුන් සේනාංක යෞවනයින් වෙනුවෙන් පූර්ණ ස්වේච්ඡා පදනමින් සහ නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය එකඟතාවය පළ කර තිබීම මෙහිලා සුවිශේෂී වේ.

මෙම හවුල්කාරිත්වයේ තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සහයෝගය ඇතිව නුවරඑළිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල “ජාතික ඉහළ කාර්යසාධන දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක්” (National High-Performance Archery Training Centre) ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම්, පුහුණු පරිශ්‍ර සහ පරිපාලනමය සහාය ජාතික යොවුන් සේනාංකය විසින් සපයනු ලබන අතර, ලෝක දුනු විදීමේ සම්මේලනයේ (World Archery) නීතිරීතිවලට අනුකූලව තාක්ෂණික මඟපෙන්වීම, පුහුණුකරුවන් අනුයුක්ත කිරීම සහ පුහුණු සැලසුම් සම්පාදනය ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මඟින් සිදු කරනු ලබයි.

ඉදිරි වසර පහක (05) කාලසීමාවක් සඳහා බලාත්මක වන මෙම ගිවිසුම, මෙරට ග්‍රාමීය හා නාගරික තරුණ ප්‍රජාවට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවා ගනිමින් දුනු විදීමේ ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ඉහළම ජයග්‍රහණ අත්පත් කරගැනීමට විවර වූ ස්වර්ණමය ද්වාරයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) ආර්. නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන සහ නීති නිලධාරිනී චාන්දනී මැණිකේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති මේජර් අජිත් තිලකරත්න (විශ්‍රාමික) මහතා සහ එම සංගමයේ සංවර්ධන පාඨමාලා අධ්‍යක්ෂ කපිතාන් එච්.කේ. ඉන්ද්‍රනාත් පෙරේරා (විශ්‍රාමික) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...