රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :
කෑගල්ල, මොලගොඩ, මංගලගම ප්‍රදේශයේ අද (ජුනි 22) සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇත.
ප.ව. 1:15 ට පමණ නුවරඑළිය-කොළඹ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් පැමිණි වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. ඒ අනුව බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ වාහන හතක පමණ ගැටී ඇත.
බස් රථයේ බලපෑමට ලක් වූ වාහන අතර ප්‍රදේශයේ රියදුරු පාසලකට අයත් වාහන කිහිපයක් ද වූ බව වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයින් හදිසි ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.


