පුරුදු පාරේම අදත් ගිය ගම්මන්පිල – සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකෙරෙමින් තිබෙන විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන තලයේ මෙන්ම සමාජය තුළද විශාල අවධානයක් යොමුව තිබේ.

ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් ඒ වටා සිදුවෙමින් තිබෙන කාරණාත්ය.

අද (22) දිනයේදීත් මේ සම්බන්ධයෙන් සමාජ අවධානය යොමුකරමින් හිටපු අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කරුණු දැක්වීමක් මෙන්ම කතෝලික සභාවෙන් ප්‍රශ්න කිරීමක් සිදුකරන ලදී.

ඒ අනුව ඔහු කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සිරිල් ගාමිණි පියතුමන් ඒවාට පිළිතුරු දීම මග හැරියහොත් උන්වහන්සේ පවත්වන ඉදිරි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දිගින් දිගටම ඒ ප්‍රශ්න උන්වහන්සේ වෙත යොමු කරන ලෙසයි.

“පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් 15වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම්දීලා. කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේනම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි? 2021 ඔක්තෝබර් 13 වැනිදා සිදුකළ සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද?

පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද? සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළාසැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද?

රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬනගනවිට ඔබතුමා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා. ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි ඉවත්කළ බව දැනගෙනත්. යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද? ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද? එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද? වරින්වර මහමොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද? අබුහින්ද් මහමොළකරු බවට වූ තොරතුරු විර්ශනවලට ලබාදුන්නාද?” යන්න හිටපු ඇමතිවරයා ප්‍රශ්න කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...