රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :
ලබුගම සහ කලටුවාව සිට මහරගම දක්වා දිවෙන ප්රධාන නල මාර්ගයේ සිදුකෙරෙන අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (24) ප.ව. 6සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ මහරගම ඇතුළු ප්රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජලය සැපයෙන්නේ නැත.
පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළකරන මණ්ඩලය, පවතින ජල සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නියමිත වේලාවට පෙර ජලය එක්රැස් කර තබා ගැනීමෙන් සිදුවන අපහසුතා අවම කරගත හැකි බව දන්වා සිටී.

.

