රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :
2026 ජුනි 20 වන දින පිටිපන පුරාණ මහා විහාරයේදී NSBM හරිත සරසවියේ ව්යාපාර පීඨයේ 25.3 කණ්ඩායමේ සිසුන් පිරිසක් විසින් ඔවුන්ගේ පළමු වසරේ, දෙවන අධ්යයන වාරයේ ව්යාපෘති කළමනාකරණ මොඩියුලය හැඳින්වීම යටතේ සාර්ථකව පවත්වන ලද අර්ථවත් ප්රජා සෞඛ්ය ව්යාපෘතියක් වන “සුව දිවියට පියවරක්” සාර්ථකව පවත්වන ලදී.
සෞඛ්යය සහ යහපැවැත්ම ප්රවර්ධනය කිරීම සහ විශ්ව සෞඛ්ය ආවරණය සමඟ සමපාත වූ මෙම කණ්ඩායම, පිටිපන ප්රජාව සඳහා නොමිලේ සෞඛ්ය පරීක්ෂණ වැඩසටහනක් සංවිධානය කළේය.
එහිදී ලබාදුන් සේවාවන් අතර, රුධිර සීනි පරීක්ෂාව, BMI ගණනය කිරීම, උස සහ බර මැනීම, රුධිර පීඩනය පරීක්ෂා කිරීම සහ අක්ෂි පරීක්ෂණ ඇතුළත් විය.

මෙම මහඟු කාර්ය සඳහා විෂන් කෙයාර් හි වටිනා සහයෝගය සහ හෝමාගම රෝහලේ කැපවූ කාර්ය මණ්ඩලය සමඟ සාර්ථකව කළ හැකි වූ බව සඳහන් වේ.

මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට NSBM හරිත සරසවියේ ව්යාපාර පීඨයේ 25.3 කණ්ඩායමේ සිසුන් විසින් කෘතඥතාව පළ කෙරේ.මෙය අවට ප්රජාව කෙරෙහි වඩාත් ඵලදායී කාර්යක් සේම ව්යාපෘති කළමනාකරණ මූලධර්ම අදාළ කර ගැනීම සිසුන්ටද වටිනා අත්දැකීමක් වූ බව සඳහන් වේ.



