*
දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/16
- ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපය තුළ විවිධ පාර්ශවයන්ගෙන් පීඩනයට ලක්වන තත්ත්වයට පත්ව ඇති බව ජනපති පවසයි – ඉන්දියන් සාගරය තුළ කිසිඳු ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බැවින්, කිසිඳු ලෝක බලවතකුට සහාය පළනොකරන බව සහතික කරයි.
- ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය දූෂිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි – මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් අධීක්ෂණය හෝ නියාමනය කිරීමට කොමිසම සතුව ක්‍රමවේදයක් නොමැති බව සැල කරයි.
- ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී බටහිර දෙබිඩි පිළිවෙත් ගැන චීනය සහ රුසියාවෙන් චෝදනා – තේරීම් සිදු නොකිරීම, විෂයය මූලිකකරගෙන කතා කිරීම, සහ අපක්ෂපාතීත්වය යන සම්මතයන්ට අනුකූලව කටයුතු නොකිරීමෙන් කොමිසම බැහැර විය යුතු බව අවධාරණය කරයි!
- 2022 දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිශ්පාදිතයේ වර්ධන අනුපාතය 2021 දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 8.4 (සෘණ) ලෙස ඇස්තමේන්තු කර ඇත – කෘෂිකර්මය (-8.4%), කර්මාන්ත (-10.0%) සහ සේවා (-2.2%) – 2022 පළමු කාර්තුවේ සියයට 1.6 (සෘණ)
- ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුව ජනතාව මත බර පටවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කරයි.
- මෙම වසරේ දී තමන් විසින් දීර්ඝ කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 04 කට ආසන්න මුදලට අමතරව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට තමා සැලසුම් නොකරන බව ඉන්දියාව පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු බලා සිටින බව කියයි!
- දුම්කොළ සහ මත්පැන් භාවිතය නිසා වසරකට මියයන පුද්ගලයන් සංඛ්‍යාව 40,000 කට ආසන්න බව ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කියයි.
- මෙරට වන අලි ගහණය 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව වනජීවී අමාත්‍යංශය නිවේදනය කරයි.
- අලුතින් විවෘතකළ නෙලුම් කුළුණ නැරඹීමට සියගණනින් ජනතාව රැස්වෙයි!
- කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 10,000 ඉක්මවයි – දේශීය රාජ්‍ය ණ්‍ය ප්‍රතිව්‍යූහගත නොකරනු ඇතිය යන බලාපොරොත්තුව මත කොටස් කිරීම සිදුවෙයි.