දසුන්ගෙන් ඉගෙනගෙන රට ගොඩ දමමු – රනිල් යෝජනා කරයි

Date:

ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආදර්ශයට ගතහොත් රට ගොඩදැමිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඇෆ්ගනිස්තානය හමුවේ අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවය දක්වා රැගෙන යාමට දසුන් ශානක සමත් වූ බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඇෆ්ගනිස්තානයටත් වඩා ආර්ථික වශයෙන් පිරිහී ඇති රට ගොඩදැමීමට දසුන් ශානක ආදර්ශයක් ලබා දී ඇති බවයි.

ආසියානු ශූරතාවය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම ස්තුතිවන්ත වන බවත්, එතැනින් නොනැවතී ලෝක කුසලානය දිනා ගැනීමටද ක්‍රිකට් කණ්ඩායමට හැකි බවත් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආසියාව දිනූ ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයට සහභාගිවෙමිනි.

කාන්තාවන් වැඩකට බැස්සොත් එය හරියට සිදු කරන බව දැල්පන්දු කණ්ඩායම යළිත් ඔප්පු කර ඇති බවත්, අතීතයේදී එම ක්‍රීඩිකාවන්ට සිදු වූ අඩුපාඩු නැවත සිදුවීමට ඉඩ නොතබන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ආසියානු ශූරියන් වූ දැල්පන්දු ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 02 ක මුදලක් ක්‍රිකට් ආයතනය හරහා ලබා දී ඇති අතර ක්‍රීඩා අරමුදලේ ප්‍රතිපාදනවලින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනූවන්ට රුපියල් මිලියන 10 බැගින් හා ලෝකඩ පදක්කම්ලාභීන්ට මිලියන 05 බැගින් පිරිනමා තිබෙනවා.

ක්‍රිකට් ආයතනය මගින් මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබූ අතර ඊට අදාල චෙක්පත ක්‍රිකට් බළධාරීන් විසින් ඊයේ ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...