පිල්ලෙයාන්ගේ රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ LNW :

නැගෙනහිර පළාතේ සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විමර්ශනවලට අනුව ඔහු මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස නම් කර ඇති අතර, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි වැලිකඩ බන්ධනාගාර බලධාරීන් විසින් ඔහුව ජුලි 13 වෙනිදා දක්වා  රඳවා තැබීමට පියවර ගෙන ඇත.

අදාළ නඩු විභාගය සඳහා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

මෙම සිද්ධිය 2008 වසරේදී සිදුවූ අපරාධ විමර්ශනයකට අදාළ වන අතර, අධිකරණය ඉදිරි දිනකදී මේ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...