බස් ගාස්තු වැඩිකිරීමට රජය ගෙන ඇති තීරණය තමන් නොදන්නා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා ඊයේ (01) පස්වරුවේ පැවසීය.
ප්‍රශ්නය – ඉන්ධන මිල අඩුවුණත් මේ බස් ගාස්තු වැඩිකරන්න තීරණය කරලා තියෙනවා ?
“කවුද ? කවුද තීරණය කරලා තියෙන්නෙ ?”
ප්‍රශ්නය – රජයෙන් තීරණය කරලා තියෙන්නෙ. ඔබතුමා දන්නෙත් නැද්ද ?
“ආ.. රජයෙන් තීරණය කරලාද ? මම ඒ සම්බන්ධයෙන් දන්නෙ නෑ. නිව්ස් එක දන්නෙ නෑ”
ප්‍රශ්නය – ඉන්ධන මිල අඩුවුණාම ජනතාවට ඒ සහන ලැබෙන්නේ නැද්ද ?
“දැන් තෙල් මිල වැඩිකරන්න වුණේ ලෝක යුද්ධයත් එක්ක ඇතිවෙච්ච තත්වයත් එක්කනෙ.. එතකොට ඒකට සාපේක්ෂව ජනතාවට සහනයක් දෙන්න ඕනෙ නිසා යම් මට්ටමකට තෙල් මිල අඩුකළා. හැබැයි අවශ්‍යම මට්ටම නෙවෙයි, තවත් අපි ඉස්සරහට අඩුකරනවා”
ප්‍රශ්නය – මම අහන්නේ ඒ අඩුකරපු එකේ සහනය දැන් ජනතාවට ලැබෙන්නේ නෑ නේද ?
“අඩු කරපු එකේ සහනය ජනතාවට ලැබිලා තියෙනවානෙ, යකෝ පෙට්‍රල් ගහනකොට ගාණ අඩුයිනෙ දැන් ? ඩීසල් ගහනකොට ගාණ අඩුයිනෙ ?”
ප්‍රශ්නය – ඒත් සේවාවලින් අඩුවෙලා නෑනෙ ?
“සේවාවලිනුත් අඩුකරන්න ඕනෙ. ඒක ඉතින් අදාළ අය අඩුකරන්න ඕනෙ. ඒක අපි නෙවෙයි කරන්න ඕනෙ. ත්‍රීවීල් එක දුවන කෙනා ඒක අඩුකරන්න ඕනෙ”
ප්‍රශ්නය – ඉතින් ඒක කෙරෙන්නෙ නැද්ද ?
“කෙරෙයි කෙරෙයි, ඒවාට ක්‍රම හදලා නෑනෙ. ඒගොල්ලොම ස්වයංවනෙ ඒවා වෙන්නෙ”
ප්‍රශ්නය – ඉතින් ආණ්ඩුවක් ඕනෑයැ එහෙම ඕක කරන් යනවා නම් ?
“ඉතින් ආණ්ඩුව මේකට තමයි තෙල් මිල අඩුකරලා තියෙන්නෙ “
ප්‍රශ්නය – ඉතින් අඩුකළාට අනිත් ඒවා අඩුවෙන්නෙ නෑනෙ ?
“අඩුකරන්න ඕනෙ අය අඩුකරන්න ඕනෙ ඒවා..”
ප්‍රශ්නය – ඉතින් ඔබතුමන්ලාට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවාද ඒවා අඩුකරන්න ?
“වැඩපිළිවෙලක් කියන්නෙ ඉතින් අමුතු වැඩපිළිවෙලක් නෑ … මේ තිබිච්ච රටාවමනෙ මේ යන්නෙ”
ප්‍රශ්නය – ඔව් ඉතින් ඒක වෙනස් කරන්නනෙ ඔබතුමන්ලා ආවෙ ?
“ඉතින් වෙනස් කරන්න නම්, මේක ඒ මට්ටමට අපි තෙල් මිල අඩුකරලා තියෙන්න එපැයි. ඔයාට තේරෙන්නෙ නැද්ද, ඔයාට කියන දේ තේරෙන්නෙ නැද්ද ?”
ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.


