ආදරයට උස සීමාවක් නොතිබුණත්… නීතියේ සීමාවක් තිබෙන බව මතක් කළ Empire State මුදුනේ අමුතු විවාහ යෝජනාව!

සටහන – පුලී

ජූලි 03, LNW (කොළඹ):“ආදරේ වෙනුවෙන් බෙල්ල උනත් දෙනවා” කියන කතාවට අලුත්ම අර්ථයක් එක් කරමින් රුසියානු යුවළක් නිව්යෝර්ක් නගරයේ ප්‍රසිද්ධ Empire State Building ගොඩනැගිල්ලේ ඉහළම ඇන්ටෙනාවට නැග විවාහ යෝජනාවක් සිදු කළ අතර, ඒ ආදර කතාව අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් නිමාවට පත්විය.

දහවල් 12.30ට පමණ ගුවන් කැමරා දර්ශනවලින් දැක්වුණේ, ගොඩනැගිල්ලේ ඇන්ටෙනා ව්‍යුහයේ තරමක් පහළ වේදිකාවක් වෙත බැස මොහොතකට නතර වූ ඔවුන් දෙදෙනාය.

එම නිහඬ මොහොතේ තරුණයා එක් දණහිසක් මත වැටී සිය පෙම්වතිය වූ නිකොලාවුට විවාහ යෝජනාව ඉදිරිපත් කළේය. ඇය සිනහවෙන් එම යෝජනාව පිළිගත් අතර, දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිපගනිමින් සිය ආදරය සමරනු දක්නට ලැබිණි.

සිය අනන්‍යතාව බවට පත්ව ඇති Catwoman ආකාරයේ හිස් ආවරණය පැළඳ සිටි නිකොලාවු, අනතුරුව තම අතේ දිලිසෙන විවාහ ගිවිස ගැනීමේ මුද්ද ආදරයෙන් නරඹමින් එහි ඡායාරූප කිහිපයක්ද ලබාගත්තාය.

නමුත්, ඒ ආදරණීය මොහොත වැඩි වේලාවක් පවතින්න ලැබුණේ නැත. බිමට බැසීමෙන් පසු ඔවුන් දෙදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සමාජ මාධ්‍යවල මේ සිදුවීම ආදරය, අවධානම සහ විහිළුව අතර දෝලනය වන මාතෘකාවක් වූ අතර ඇතැමුන් පවසන්නේ “ආදරේ අහස උසට ගියා… හැබැයි Honeymoon එකට කලින් පොලිස් ස්ටේෂන් එකටත් යන්න වුණා!” යනුවෙනි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම ලොව පුරා සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින්, ආදරය, අවදානම සහ නීතිය එකම කතාවකට එකතු කළ අමුතුම විවාහ යෝජනාවක් ලෙස කතාබහට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...