අලි සබ්‍රිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා දූත පිරිස නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වෙයි!

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර, එනම් 2022 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, චීනයේ සහ 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද අමතනු ඇත. එතුමා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව, එතුමා නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම මට්ටමේ නිලධාරීන් හමුවනු ඇත. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ නිව්යෝර්ක් හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වේ. මෙම සැසියේ ඉහළ මට්ටමේ කොටස 2022 සැප්තැම්බර් 20 සිට 26 යන දිනවල පැවැත්වීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 සැප්තැම්බර් 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...