ඩෙංගු ව්‍යාප්තියේ අඩුවක් නැහැ – හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්!(VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් එය ක්‍රියාත්මක කරන අතර සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසක් එක්ව සිටියි.

ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊයේ (03) දිනය තුළත් ඩෙංගු රෝගීන් 1100ක් පමණ වාර්තා වී තිබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියි.

මරණ ගණනද 39ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 58810ක් වාර්තා වී ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

තවදුරටත් රෝගීන් වාර්තා වීම සිදුවන අතර සෞඛ්‍ය අංශ රෝගී සත්කාර ආදිය වෙනුවෙන් කැපවී සිටින මොහොතක ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගැනීම වෙනුවෙන් පූර්ණ වගකීමෙන් මහජනතාව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...