විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමට නීතිඥ සංගමයේ විරෝධය

රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ LNW :

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති සූදානම කෙරෙහි සිය ප්‍රබල විරෝධය පළ කර ඇත.

මෙවැනි හදිසි සංශෝධනයක් අත්තනෝමතික මෙන්ම මේ මොහොතේ අනවශ්‍ය ක්‍රියාවක් බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

මෙම තීරණය මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ මහජන සංවාදයකදී දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

වත්මන් නීති පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම වෙනුවෙන් මෙම වයස් සීමාවන් වෙනස් නොකළ යුතු බවට නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා,

“ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ස්ථාවරය ලෙස අපි දිගින් දිගටම කියලා තියෙනවා ශ්‍රේෂඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි. ඒ වගේම මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් අනවශ්‍යයි සහ යෝග්‍ය වන්නේ නෑ. එවැන්නක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වෙනවා වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...