50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි පාපැදි ශූරතාව බස්නාහිර පළාතේ එම්. අවිශ්ක මැඩොන්සා දිනා ගනියි; කණ්ඩායම් ශූරතාවත් බස්නාහිරට

රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ LNW :

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2026 ට සමගාමීව පැවැත්වුණු උණුසුම් මුහුණුවරක් ගත් පිරිමි පාපැදි තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ අංක 187 දරන එම්. අවිශ්ක මැඩොන්සා (M. Avishka Madonza) සමත් විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම දීර්ඝ මාවත් තරඟය පැය 3:56:26 ක කාලයකින් නිමා කරමින් ඔහු ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තරඟයේ දෙවන ස්ථානය ද බස්නාහිර පළාතේම අංක 188 දරන පී.පී.පී.එම්.ජී. සිල්වා (P.P.P.M.G. Silva) විසින් දිනාගත් අතර, වයඹ පළාත නියෝජනය කළ අංක 141 දරන එච්.එම්.එස්. පින්තූ (H.M.S. Pinthu) තෙවන ස්ථානය හිමිකර ගත්තේය.

මෙවර තරඟාවලියේ පළමු මධ්‍යන්තර ධාවකයාට හිමි ‘First Sprint’ සම්මානය බස්නාහිර පළාතේ නදීශ ඊෂාන් (Nadeesha Eshan) දිනාගත් අතර, දෙවන මධ්‍යන්තර ධාවකයාට හිමි ‘Second Sprint’ සම්මානය දකුණු පළාතේ ඩී.ඒ. සුරේෂ් තරංග (D.A. Suresh Tharanga) විසින් දිනා ගන්නා ලදී.

තරඟාවලිය පුරා දැක්වූ ඉහළම දක්ෂතා මත පදනම්ව මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි පාපැදි කණ්ඩායම් ශූරතාව (Team Championship) දිනා ගැනීමට ද බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: වෙරළ සංරක්ෂණ හා වෙරළ...

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණී කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලු...

බඩ ඉරිඟු ටොන් 2000ක් වරායේ හිරවෙලා. ත්‍රීපෝෂ නිෂ්පාදනයටත් බාධා

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2025 දෙසැම්බර්...

යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට සෑම මිනිත්තු හතරකට වරක් රුසියානු සෙබළෙකු මිය යන බව අනාවරණය වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25: යුක්රේනය ආක්‍රමණය...