යුක්රේනයෙන් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රධාන තෙල් පර්යන්තයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
යුක්රේනය විසින් රුසියාවේ වයඹ දෙසින් පිහිටි දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි ප්‍රධාන තෙල් පර්යන්තයක් සහ කලාපයේ ප්‍රධාන රුසියානු නාවික කඳවුරක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ සිදු කළ මෙම ප්‍රහාරය රුසියාවේ යුද සැපයුම් සහ බලශක්ති යටිතල පහසුකම් දුර්වල කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ බවයි.

ඉලක්ක වූ තෙල් පර්යන්තය වසරකට ඛනිජ තෙල් නිෂ්පාදන ටොන් මිලියන 12.5ක් සැකසිය හැකි රුසියාවේ විශාලතම තෙල් පර්යන්ත අතරින් එකක් ලෙස සැලකේ.

මේ අතර, ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් ප්‍රකාශ කළේ නගරය දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් වූ බවත්, යුක්රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන යානා 72ක් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බවත්ය.

පසුගිය මාස කිහිපය තුළ යුක්රේනය රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර වැඩි කර ඇති අතර, එම ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ඉන්ධන සැපයුමට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය හෙතුවෙන් සියාවේ තෙල් පිරිපහදු ධාරිතාවෙන් සියයට 43ක් පමණ අක්‍රිය වී ඇති අතර යුක්රේනයේ අදහස වන්නේ රුසියාව සිය යුද මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා තෙල් සහ ස්වභාවික වායු අපනයන ආදායම මත දැඩි ලෙස රඳා පවතින බැවින්, එම පහසුකම් නීත්‍යානුකූල යුද ඉලක්ක ලෙස සැලකිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...